ක්‍රිකට් ලෝකය කළඹමින් මොහොතකට පෙර අමුතුම පන්දුවකින් අඩුම ලකුණු ගණනකට ක්‍රිකට් උපන් රටේ සියලු ක්‍රීඩකයන් දැවී යයි 27/9 - All Out 58 VIDEO
සංචාරක එංගලන්ත කන්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර නවසීලන්තයේ ඔක්ලන්ඩිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට සිය ප‍්‍රථම ඉනිම ක‍්‍රීඩා කරන නවසීලන්ත කන්ඩායම කඩුලු 03ක් දැවී ලකුනු 175ක් ලබා සිටියි.ඒ අනුව ඔවුන් එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුනු 117ක් ඉදිරියෙන් සිටියි.
දිවා රාත‍්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගයේ නවසීලන්තයේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කන්ඩායමට ටේරන්ට් බෝල්ට් හා ටිම් සවුතිගේ විහිෂ්ට පන්දුයැවීම හමුවේ පන්දුවාර 20.4කදී සියලු දෙනා දැවී ලබාගත හැකිවුයේ ලකුනු 58ක් පමණි.එය එංගලන්ත කණ්ඩායමක් ටෙස්ට් ඉතිහාසයේ ලබාගත් හයවැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්විය.
එංගලන්ත කඩුලු 09ක් ලකුනු 27ක් තුළ දැවී ගියත් ජේම්ස් ඇන්ඩර්සන්(01) සමග එක්ව 10 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු ලකුනු 31ක් එක්කිරීමට ක‍්‍රිග් ඔ්වර්ටන් සමත්වූ අතර වැඩිම ලකුණු ලාභියා වූ ඔ්වර්ටන් පන්දු 25ක් තුළ එක් හයේ පහරක් හා හතරේ පහර 05ක් සමගින් නොදැවී ලකුනු 33ක් ලබා ගැනීමට සමත්විය.පන්දු යැවීමේදී විශිෂ්ට පන්දුයැවීමක නිරත වූ බෝල්ට් ලකුනු 32කට කඩුලු 06ක් බිද දැමූ අතර සවුති ලකුනු 25කට කඩුලු 04ක් බිද දැමීමට සමත්විය.

Comments
Post a Comment