‘මට මේ සම්මානයෙන් වැඩක් නෑ..මිලියන 15කගේ සිහිනය බිද වැටුනා’..සිකන්දර් කියපු සංවේදී කතාව..
2019 ලෝක කුසලාන තරඟාවලියට සුදුස්සන් තේරීමේ තරඟවටය සිම්බාබ්වේ දේශයේදී පසුගියදා නිමාවට පත් වුනේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථානය ලෝක කුසලානයට සුදුසුකම් ලබාගනිමින් වන අතර තරඟාවලියේ සත්කාරකත්වය දැරූ සිම්බාබ්වේ 2019 ලෝක කුසලානයෙන් ඉවත් වන්නට සිදු වුනේ එක්සත් අරාබි එමීර් කණ්ඩායම සමඟ පැවති තරංගයේ පරාජය සමඟය.එම තරගයේදී එක්සත් ආරබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව ඩක්වත් ලුව්ස් න්‍යාම මත ලකුණු 03ක අවාසනාවන්ත පරාජයක් සිම්බාබ්වේ කන්ඩායමට හිමිවිය. කෙසේවෙතත් තරඟාවලිය තුල සිම්බාබ්වේ කණ්ඩායමේ තරඟරටාව කැපීපෙනුන අතර අවාසනාව සියල්ලට වඩා ඉදිරියට පැමිණීම නිසා සිම්බාබ්වේ කණ්ඩායමේ ලෝක කුසලානයේ ඉරණම තීරණය වුයේ 1983 වසරෙන් පසුව සිම්බාබ්වේ කණ්ඩායම නැති ලෝක කුසලානයකට අවශ්‍ය පසුබිම සකස් කර දෙමිනි. මෙම ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ වීරයා සම්මානය සිකන්දර් රාසා විසින් දිනාගත් අතර නමුත් ඔහුට මේ සම්මානය ලැබුනාට වඩා නොලැබුනානම් තමා කැමති බව සම්මානය ලබාගැනීමෙන් පසුව රාසා පවසා තිබිණි. ඇත්තටම මේ සම්මානය ලැබුන කියල මට සතුටක් නෑ.මොකද මේක දකින හැම මොහොතකම මට මතක් වෙයි මිලියන 15ක ගේ එකම සිහි...