‘මට මේ සම්මානයෙන් වැඩක් නෑ..මිලියන 15කගේ සිහිනය බිද වැටුනා’..සිකන්දර් කියපු සංවේදී කතාව..

2019 ලෝක කුසලාන තරඟාවලියට සුදුස්සන් තේරීමේ තරඟවටය සිම්බාබ්වේ දේශයේදී පසුගියදා නිමාවට පත් වුනේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථානය ලෝක කුසලානයට සුදුසුකම් ලබාගනිමින් වන අතර තරඟාවලියේ සත්කාරකත්වය දැරූ සිම්බාබ්වේ 2019 ලෝක කුසලානයෙන් ඉවත් වන්නට සිදු වුනේ එක්සත් අරාබි එමීර් කණ්ඩායම සමඟ පැවති තරංගයේ පරාජය සමඟය.එම තරගයේදී එක්සත් ආරබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව ඩක්වත් ලුව්ස් න්‍යාම මත ලකුණු 03ක අවාසනාවන්ත පරාජයක් සිම්බාබ්වේ කන්ඩායමට හිමිවිය.

කෙසේවෙතත් තරඟාවලිය තුල සිම්බාබ්වේ කණ්ඩායමේ තරඟරටාව කැපීපෙනුන අතර අවාසනාව සියල්ලට වඩා ඉදිරියට පැමිණීම නිසා සිම්බාබ්වේ කණ්ඩායමේ ලෝක කුසලානයේ ඉරණම තීරණය වුයේ 1983 වසරෙන් පසුව සිම්බාබ්වේ කණ්ඩායම නැති ලෝක කුසලානයකට අවශ්‍ය පසුබිම සකස් කර දෙමිනි.

මෙම ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ වීරයා සම්මානය සිකන්දර් රාසා විසින් දිනාගත් අතර නමුත් ඔහුට මේ සම්මානය ලැබුනාට වඩා නොලැබුනානම් තමා කැමති බව සම්මානය ලබාගැනීමෙන් පසුව රාසා පවසා තිබිණි.

ඇත්තටම මේ සම්මානය ලැබුන කියල මට සතුටක් නෑ.මොකද මේක දකින හැම මොහොතකම මට මතක් වෙයි මිලියන 15ක ගේ එකම සිහිනය වුන සිම්බාබ්වේ කණ්ඩායම ලෝක කුසලානයට ක්‍රීඩා කරන සිහිනය බිඳ වැටුන අවස්තාව,ඒ නිසා මේ සම්මානය මට හැමදාම දුකක් ගෙන එයි.

මම ක්‍රිකට් ආරම්භ කරපු කාලේ ඉඳන්ම මේ ලස්සන ක්‍රීඩාවට කැමතියි,එක එක රටවල විවිධ ජාතින් එකට සෙල්ලම් කරද්දී එන හැගීම ඇත්තටම වචනයෙන් විස්තර කරන්න බෑ,ඒ දේවල් එක්ක මම 2019 ලෝක කුසලානයට ගොඩක් ආසාවෙන් හිටියේ,හැබැයි දැන් ඒ හැම දේම තව කාලයක් වෙනකන් සිහිනයක් වෙලා.

තරඟාවලිය තුල ලකුණු 319ක් පිතිකරුවකු ලෙස ඉනිමක සාමාන්‍යය 53ක රඳවාගෙන ලබාගත් රාසා පන්දු යවන්නෙකු ලෙසද කඩුලු 15ක් කඩුල්ලකට 18 ක පමණ සාමාන්‍යයක් රඳවාගෙන ලබාගෙන ඇත්තේ තරඟාවලියේ වීරයා සම්මානය සඳහා සුදුස්සා තමා බව ඔප්පු කරමිනි.

pමේ කුසලානය අපේ පරාජය වගේම තමන්ගේ රට ලෝක කුසලානයට ගෙනියන්න ලොකු උත්සාහයක් දරපු පීටර් බෝරන්,කෙලි කෝස්ටර්,රොහාන් මොස්ටෆා වගේ ක්‍රීඩකයන්ගේ දක්ෂතාත් මට හැමදාම මතක් කරයි.

Comments

Popular posts from this blog

ஏன் திடீரென்று அஜித் அந்த கல்லூரிக்கு சென்றார் தெரியுமா வெளிவந்த ரகசியம்

இன்று அஜித்தின் சம்பளம் 25 கோடி, அன்று அவருக்கு கொடுத்தது 2500 ருபாய் சுரேஷ் மேனன்

ஆஸ்திரேலிய வீரர் பான்கிராப்ட் பந்தை சேதப்படுத்தியதால் ஆஸ்திரேலிய தலைவர் பதவி நீ௧்௧ம்